Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විගමනික ශ්‍රමිකයින් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම ඇර‌ඹේ  

Add comments

covid 19 වසංගත තත්ත්වය මත මැද පෙරදිග ඇතුළු විදේශයන් හි විවිධ රැකියාවන් හි නිරත විගමණික ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවට කඩිනමින් ගෙන්වා ගැනීම සඳහා පෞද්ගලික හෝටල් හා සංචාරක නිකේතන ද සම්බන්ධ කරගනිමින් ක්‍රමවේදයක් සකස් කරන ලෙස කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පසුගියදා උපදෙස් දී ඇත.

එම උපදෙස් හා මගපෙන්වීම යටතේ පෞද්ගලික අංශයේ සංචාරක හෝටල් හා නිකේතන දහයක්(10) එකී නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සඳහා ජාතික කොවිඩ් මර්ධන කාර්ය සාධක බලකායේ අනුමැතිය සහිතව තෝරාගෙන ඇති බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

මෙම මධ්‍යස්ථාන 10 මඟින් එක් වරකට 571 දෙනෙකුට නිරෝධායන පහසුකම් සැපයිමට හැකිවේ.

මෙහි දී හෝටල් ගාස්තු, ආහාර පාන සහ සෙසු සියලු පහසුකම් සම්පාදනය කරනු ලබන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගිනි.
මේ නිරෝධායන පහසුකම් සැපයීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතියකට රුපියල් මිලියන 18 ක් වැය කෙරේ.

ඒ අනුව එක් පුද්ගලයෙකු මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ රැඳවීම සඳහා එක් දිනකට රුපියල් 4500 ක මුදලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහා වැය වේ. එක් පුද්ගලයෙකු මෙම මධ්‍යස්ථානය තුළ සතියක පමණ කාලයක් රඳවා ගැනීමටයි අපේක්ෂා කරයි.

මෙම ව්‍යාපෘතියේ සාර්ථකභාවය පිළිබඳ පසු විපරම් කිරීමෙන් අනතුරුව අනෙක් නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට යි සැලසුම් කර තිබෙන්නේ.

The post විගමනික ශ්‍රමිකයින් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම ඇර‌ඹේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG