Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගම්පහ දිස්ත්‍රික් රෝහල සංවර්ධනය කිරීමට රුපියල් කෝටි 30 ක්  

Add comments

රුපියල් කෝටි 30 ක වියදමින් ගම්පහ දිස්ත්‍රික් රෝහල සංවර්ධනය කෙරෙනවා. එම කටයුතුවල ප්‍රමාදය සොයා බැලීමට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංචාරයක නිරත වුණා.

ගම්පහ රෝහලේ සංවර්ධන කටයුතු හේතුවෙන් එහි ශල්‍යාගාර වසා දමා ඇත්තේ පසුගිය දෙසැම්බර් මාසයේ සිටයි. මෙම කටයුතු ප්‍රමාද වීම නිසා රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බවයි වාර්තා වන්නේ. එම කටයුතු සොයා බැලූ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා තාවකාලික ශල්‍යාගාර 3 ක් ඉදිකිරීමට උපදෙස් දුන්නා. රෝහල් කාර්ය මණ්ඩලය පෙන්වා දුන්නේ මෙහි තිබූ ශල්‍යාගාර 6 ක් අලුත්වැඩියා සදහා වසා දැමූ බැවින් අක්‍ෂි සැත්කම් 3500 ක් ඇතුලු සැත්කම් නතර කිරීමට සිදුව ඇති බවයි. එම අවස්ථාවේම බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා දැනුවත් කළ අමාත්‍යවරයා තාවකාලික ශල්‍යාගාර ඉදිකිරීමට උපදෙස් ලබා දුන්නා.

 

 

 

The post ගම්පහ දිස්ත්‍රික් රෝහල සංවර්ධනය කිරීමට රුපියල් කෝටි 30 ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG