කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 314 දෙනෙකු ඊයේ (22) දිනයේ මෙරටින් හදුනාගත්තා.
වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වුණේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන්.
ඊයේ (22) දිනයේ හදුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 314 දෙනාගෙන් 40 දෙනෙකුම විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින්. සෙසු 274 දෙනා දේශීයව හදුනාගත් පුද්ගලයින් බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
වැඩිම ආසාදිතයින් පිරිසක් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් වාර්තාවු අතර එම සංඛ්‍යාව 52 ක්. කළුතර දිස්ත්‍රික්කයෙන් 30 දෙනෙකු, ගම්පහින් 29 ක් සහ සෙසු දිස්ත්‍රික්වලින් ආසාදිතයින් 163 දෙනෙකු වාර්තා වුනා.
අද උදෑසන වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86,406ක්. ඉන් පුද්ගලයින් 85,658 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව අද උදෑසන වන විට මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 90,514ක්. 2905 දෙනෙකු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 87,058ක්.
කොවිඩ් නයින්ටීන් ආසාදනය වී සිටි 5 දෙනෙකු මිය යාමත් සමග මරණ සංඛ්‍යාව 551 දක්වා ඉහළ ගියා. ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 102ක් තුළ පුද්ගලයින් දසදහස් හයසිය අනූදෙදෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.
ඊයේ දිනය තුළ සිදුකළ පීසීආර් පරික්ෂණ සංඛ්‍යාව 5983ක්. කොවිඩ් නයින්ටීන් ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඊයේ දිනයේ දී 8490 දෙනෙකුට ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදුන්නා. ඒ අනුව මේ වන විට අටලක්ෂ තිස් අටදහස් තුන්සිය පනස් පස් දෙනෙකුට එන්නත ලබාදී ඇති බවයි සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ.
The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 314ක් – වැඩිම ආසාදිතයින් ත්‍රිකුණාමලයෙන් appeared first on ITN News.
Post a Comment