Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 322ක් – වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන්  

Add comments

ඊයේ දිනයේ අලුතෙන් කොරෝනා ආසාධිතයින් 322 දෙනෙකු හදුනාගැණුනා. ඒ අතුරින් 24 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි අයයි. ඉතිරි 298 දෙනා දේශියව හදුනාගැනුණා.

වැඩිම අසාධිතයින් පිරිස හදුනාගෙන ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම පිරිස 66 ක් වනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 89,497ක්. රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ 2726 දෙනෙකු ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 86,227 ක්.

ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 100 ක පුද්ගලයින් 10,237 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටිනවා. ඊයේ දිනයේදී පීසීආර් පරීක්ෂණ 7168 ක් සිදුකළා.

ඊයේ දිනය වන විට අට ලක්ෂ 24,523 දෙනෙකුට කොරෝනා එන්නත් ලබා දී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරන්නේ.

කොරෝනා මරණ 6 ක් අලුතින් වාර්තා වුණා. ඒත් සමගම මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 544 දක්වා ඉහළ ගියා.

පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු, සුදුහුම්පොළ ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක, වත්තල ප්‍රදේශයේ පදිංචි 83 හැවිරිදි කාන්තාවකද, කොරෝනා හේතුවෙන් මිය ගිය අය අතර සිටිනවා. පිටකෝට්ටේ ප්‍රදේශයේ පදිංචි 96 හැවිරිදි කාන්තාවක, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි 72 වන වියේ පසුවූ පිරිමි පුද්ගලයෙකු මෙන්ම සිලාවතුර ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවකද මෙසේ කොරෝනා හේතුවෙන් මිය ගියා. අලුතෙන් වාර්තා වූ කොරෝනා මරණ 6 ත් සමග මෙරට කොරෝනා මරණ 544 ක් සිදුවුණා.

ඒ අතරට පිරිමි පුද්ගලයින් 335 දෙනෙකු හා කාන්තාවන් 209 දෙනෙකු ඇතුළත්.

 

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 322ක් – වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG