Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අගමැතිට බංග්ලාදේශයෙන් උණුසුම් පිළිගැනීමක් (PHOTOS)  

Add comments

දෙදින නිල සංචාරයක් සඳහා අද (19) දින පෙරවරුවේ බංග්ලාදේශ වෙත ගිය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු දූත පිරිස එහිදී බංග්ලාදේශ සමූහාණ්ඩුවේ (People’s Republic of Bangladesh) අග්‍රාමාත්‍ය ෂීක් හසීනා (Sheikh Hasina) මහත්මිය විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

ඩකා හි හස්රත් ෂාජලාල් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ (Hazrat Shahjalal International Airport) දී හමුදා උත්තමාචාර සහිත විශේෂ පිළිගැනීමක් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පැවැත්විය.

ඉන් අනතුරුව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂීක් හසීනා (Sheikh Hasina) මහත්මිය විසින් ඒ අවස්ථාවට එක් වූ බංග්ලාදේශ අමාත්‍යවරුන් ඇතුලු රාජ්‍ය නිලධාරීන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා වෙත හඳුන්වා දුන් අතර, ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකා දූත පිරිස එරට අග්‍රාමාත්‍යවරිය වෙත හඳුන්වා දුන්නේය.

The post අගමැතිට බංග්ලාදේශයෙන් උණුසුම් පිළිගැනීමක් (PHOTOS) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG