මියන්මාර උද්ඝෝෂණ ඉතිහාසයේ බිහිසුණුම දිනය ලෙස ඊයේ (03) දිනය සටහන් වුණා.
ඊයේ පැවැත්වූ උද්ඝෝෂණවලදී උද්ඝෝෂකයින් 38 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ජගත් සංවිධානය ප්‍රකාශ කළේ මියන්මාර ඉතිහාසයේ බිහිසුණුම දිනය ලෙස ඊයේ දිනය නම් කළ හැකි බවයි.
උද්ඝෝෂකයින් පලවා හැරීම සදහා පොලීසිය රබර් උණ්ඩ හා ජීව උණ්ඩ යොදා ගනිමින් වෙඩි තබා තිබෙනවා. හමුදා පාලනය අවසන් කර සාධාරණ මැතිවරණයකින් රට පාලනය කිරීමට හැකි පාලකයින් ඉල්ලා පසුගිය පෙබරවාරි පළමුවනදා සිට මියන්මාරයේ උද්ඝෝෂණ පැවැත්වෙනවා.
The post මියන්මාර උද්ඝෝෂණ ඉතිහාසයේ බිහිසුණුම දිනය ඊයේ – 38ක් ජිවිතක්ෂයට appeared first on ITN News.
Post a Comment