Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ප්ලාස්ටික් ආනයනය, භාවිතය හා කළමනාකරණය පිළිබඳ විගණන වාර්තාව 9 වෙනිදා කෝප් කමිටුවට  

Add comments

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ආනයනය, භාවිතය හා පසු භාවිතය කළමනාකරණය පිළිබද විගණන වාර්තාව පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේදී ලබන 9 වනදා සාකච්ඡාවට ගන්න නියමිත වෙලා තියෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාව මේ මාසයේදී සහ ලබන මාසයේදී ආයතන 8 ක කරුණු විමසා බැලීමට නියමිතයි.

ලංකා මිනරල් සෑන්ඩ්ස් සමාගම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි ආයනය, භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය,ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, ජාතික චිත්‍රපට සංස්ථාව, මහජන බැංකුව, සංවර්ධන ලොතරයි මණ්ඩලය ඇතුළු ආයතන මෙම දෙමස තුළදී කමිටුව හමුවට කැදවෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

 

 

 

 

The post ප්ලාස්ටික් ආනයනය, භාවිතය හා කළමනාකරණය පිළිබඳ විගණන වාර්තාව 9 වෙනිදා කෝප් කමිටුවට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG