Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට LTTE උද්ඝෝෂණ තහනම් කරයි  

Add comments

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාවල ඊයේ පැවති උද්ඝෝෂණය අසාර්ථක වූවා සේම 46 වෙනි මානව හිමිකම් සැසිවාරය අවසන් වන තෙක් මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිටදී එල්ටීටීඊ ඩයස්පෝරාවට උද්ඝෝෂණවල නිරතවීම ස්විට්සර්ලන්ත ආරක්ෂක අංශ තහනම් කර ඇති බවයි අප විශේෂ නියෝජිත ශ්‍රීමාල පතිරාජ සදහන් කරනවා.

මේ අතර ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට අනුබද්ධ රාජ්‍ය නොවන සංවිධානයක් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකික මුස්ලිම් කවුන්සිලය හා එක්ව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවන බව පවසමින් ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඔවුන් මානව හිමිකම් සමුළුවට අදහස් එක්කර ඇති බවයි වාර්තා වන්නේ. කිසිදු ජාති, ආගම්, වර්ග භේදයකින් තොරව මෙරට වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයින් සමගියෙන් හා සංහිදියාවෙන් යුතුව කටයුතු කිරීම නුරුස්සන අතලොස්සක් දේශපාලන අනාථයින්ගේ උඩගෙඩිමත යැපෙමින් මෙවැනි ප්‍රකාශ නිකුත් කිරීම අප ජාතියක් ලෙස තරයේ හෙලාදකිනවා.

වසර තිහකට ආසන්න කාලයක් පැවති ත්‍රස්තවාදී ගැටුම් ජාතිවාදී ගැටුම් බවට ආර්ථකථනය කරන්නේද මෙවැනි දේශපාලන හිගමන් යදින්නන්වීම කණගාටුවට කරුණක්. රාජ්‍ය නොවන සංවිධානවල ඩොලර් නෝට්ටු ඉදිරියේ වැදූ මවත් හැදූ රටත් පාවාදීමට ඔවුන් පසුබට නොවන බව අප තරයේ විශ්වාස කරමු. ජන පදනමක් අහිමි පක්ෂයේ නම බෝඩ් ලෑල්ලට පමණක් සීමා වූ මෙවැනි දේශපාලනඥයින් අරාබිකරයේ ජිහාඩ් ත්‍රස්තයින් සමගද සාකච්ඡා පවත්වා ඇති අයුරු හෙලිවෙමින් පවතිනවා. තම බලය රැක ගැනීමට රට පාවාදීම කෙතරම් දීන ක්‍රියාවක්දැයි ජනතාව ඔවුන්ට පසක්කරන කාලය වැඩි ඈතක නොවන බව ඔවුන් මතක තබාගත යුතුයි.

The post ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඉදිරිපිට LTTE උද්ඝෝෂණ තහනම් කරයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG