කොරෝනා මළ සිරුරු භූමදානය ප්‍රශ්නයට විසදුම් ලබාදී ඒ සියලු කටයුතු රජයේ වියදමින් ඉරණතිව් දූපතේදී සිදු කිරීමට අදාළ අංශ තීරණය කළද ඒ තීරණයත් අද අර්බුදයකට ලක්වී තිබෙනවා. භුමදානයට ලක්කරන කොරෝනා මළ සිරුරු ඉරණතිව් දූපතේ භූමදානය නොකරන්නැයි එම දූපතේ වැසියන් සහ පූජ්‍ය පක්ෂයත් විරෝධතාවකට එක්ව සිටිනවා.
කොරෝනා ආසාදිතව මියයන පුද්ගලයින්ගේ සිරුරු භූමදානය සදහා ඉරණතිව් දූපත හදුනාගෙන ඇති බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ ප්‍රකාශ කළා. රජය ගෙන ඇති මෙම තීන්දුව සම්බන්ධයෙන් ඉරණතිව් දූපතේ පදිංචි කරුවන් සිය විරෝධය පල කරනවා. ඒ වෙනුවෙන් සංවිධාන කළ විරෝධතාවක් ඉරණතිව් දූපතට පිවිසෙන ප්‍රධාන ගම්මානය වන ඉරණමාතා නගර් හිදි අද දවස පුරා පැවැත්වුණා. කිතුනු පියතුමන් සහ ස්වෙච්ඡා සංවිධාන මෙන්ම ප්‍ර දේශවාසීන් ඊට එක්ව සිටියා.
එල්ටීටීඊ ත්‍රස්තවාදයෙන් පීඩාවට පත්ව සිටි ජනතාව ඉරණතිව් දූපතේ පදිංචියට ගොස් ඇත්තේ 2017 වසරේයි. මේ වනවිට පවුල් 108 කට අයත් පුද්ගලයින් 335 දෙනෙකු එහි ජීවත් වන අතර ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ධීවර කර්මාන්තයයි. මෙම සිරුරු ඉරණතිවු දූපතේ භූමදාන කිරීම හේතුවෙන් ප්‍ර දේශවාසීන් දැඩි අවධානමකට ලක්වන බවයි ඔවුන් පවසන්නේ.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ද ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළා.
The post කොරෝනා සිරුරු භූමදානයට එක් පළාතකට එක් භූමි ප්‍රදේශයක් appeared first on ITN News.
Post a Comment