පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබද පත්කෙරුණු ජනාධිපති කොමිෂන් සභාව සකස්කළ වාර්තාවේ කරුණු අධ්‍යයනය කිරීම සදහා පත් කළ කමිටුව එහි සභාපති අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වුණා. ඒ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාශ ශ්‍රවණාගාරයේදී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාද අද කමිටුව හමුවට කැදවනු ලැබුවා. කමිටුව අද රැස්වුණේ තුන්වන වරටයි. එහි වාර්තාව ලබන 15 වන දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දීමට නියමිතයි.
අද රාත්‍රී 10 ට විකාශය වන ස්වාධීන රූපවාහිනි සේවයේ තීරණය වැඩසටහන සමග එක්වන්නේ පාස්කු වාර්තාව පිළිබද අධ්‍යයනය කිරීම සදහා පත් කළ කමිටුවේ සාමාජික ආමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතායි.
The post පාස්කු වාර්තාව අධ්‍යයන කමිටුව රැස්වෙයි : ත්‍රස්තවාදී සැකකරුවන් 291ක් ආරක්ෂක අංශ භාරයේ appeared first on ITN News.
Post a Comment