Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 384ක්  

Add comments

මෙරට සමස්ත කොරෝනා රෝගීන් ගණන අසූහතරදහස් හයසිය දහයක් දක්වා ඉහළ ගියා.

පසුගිය පැය 24 තුළ කොරෝනා රෝගීන් 384 දෙනෙකු හමුවී තිබෙනවා. මෙම පිරිසට විදේශයන්හි සිට මෙරටට පැමිණි 33 දෙනෙකු හා දේශීයව හදුනාගත් 351 දෙනෙකු ඇතුළත්. මෙරටින් හදුනාගත් ආසාදිතයින් අතුරින් 78 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයට ඇතුළත්. රත්නපුරයෙන් ආසාදිතයින් 64 දෙනෙකු හා මහනුවර දිස්ත්‍රික්කයෙන් 35 දෙනෙකු හමුවුණා.

අදාළ කාලසීමාව තුළදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 21 වනවා.

මේ අනුව මෙරටින් හමුවූ කොරෝනා රෝගීන් ගණන 84,610 ක් දක්වා ඉහළ ගියා. ඒ අතරින් 3285 දෙනෙකු රෝහල්ගතව  ප්‍රතිකාර ලබමින් සිටිනවා. වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන සංඛ්‍යාව 474 ක්. මේ දක්වා මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 80,836ක්.  රෝහල්වල මෙන්ම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල මේ වනවිට 3,285 දෙනෙකු ප්‍රතිකාර ලබනවා.

මේ දක්වා සිදුව ඇති කෙරෝනා මරණ සංඛ්‍යාව 489 ක් බවයි කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කළේ.

මේ අතර  ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 98 ක් තුළ පුද්ගලයින් 10,312 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා. එමෙන්ම ඊයේ දිනය තුළ පීසීආර් පරීක්ෂණ 12,883 ක් සිදුකළා.

 

 

 

 

The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 384ක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG