මින්මාර හමුදා විරෝධතාකරුවන්ට එල්ලකළ වෙඩි ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මියන්මාර රජයේ හමුදා සහ විරෝධතා කරුවන් අතර ගැටුම් දැඩි උණුසුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වුණා. පසුගිය පෙබරවාරි මස ආරම්භ කළ විරෝධතා වල බිහිසුනුම දිනය සටහන් කරමින් ඊයේ දිනයේ දී විරෝධතාකරුවන් 38 දෙනෙකු හමුදා වෙඩි ප්‍රහාරවලින් මිය ගියා.
අද වන විට එය 50 දක්වා ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මියන්මාර නායිකා අවුන්සාන් සුචී ඇතුළු දේශපාලන නායකයන් තවමත් හමුදා අත්අඩංගුවේ පසුවනවා. මියන්මාර හමුදා කුමන්ත්‍රණය එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ලෝකයේම දැඩි අප්‍රසාදයට ලක්ව තිබෙනවා.
The post මින්මාර විරෝධතාකරුවන්ට එල්ලකළ වෙඩි ප්‍රහාරවලින් මිය ගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළ appeared first on ITN News.
Post a Comment