පැසිෆික් සාගරයේ ප්‍රභල භූ කම්පන මාලාවක් සිදුවී ඇති බව වාර්තා වනවා.
අද අලුයම සිදුවූ එක් භූකම්පනයක් රිච්ටර් පරිමාණ ඒකක අටයි දශම එකක ප්‍රභලත්වයෙන් යුක්ත වූ බව සදහන් වුණා. නවසීලන්තයට අයත් කර්මැඩෙක් දිවයින් ආශ්‍රිත මුහුදේ කිලෝමීටර් 10ක් ගැඹුරින් එම භූ කම්පනය සිදුව තිබෙනවා. ඊට පෙර එම කලාපයේ රිච්ටර් පරිමාණ ඒකක හතයි දශම හතරක සහ හතයි දශම දෙකක භූ කම්පන දෙකක් ද සිදුවුණා.
එමෙන්ම එම දිවයින ආශ්‍රිතව පැසිෆික් කලාපයේ තවත් අතුරු කම්පන රැසක්ම වාර්තා වුණා. මෙම භූ කම්පන හේතුවෙන් පැසිෆික් කලාපය ආශ්‍රිතව සුනාමි අවධානමක් ප්‍රකාශයට පත් කළ අතර නවසිලන්තයේ වෙරලාසන්න ප්‍රදේශවල ජනයා ඉවත් කිරීමට කටයුතු කෙරුණා.
ඊට අමතරව නිව් කැලිඩෝනියා සහ වනවාටු දිවයින්වල වෙරළාසන්න ප්‍රදේශවලින් ද ජනතාව ඉවත් කිරීමට කටයුතු කර තිබුණා.
The post පැසිෆික් සාගරයේ ප්‍රභල භූ කම්පන මාලාවක් appeared first on ITN News.
Post a Comment