මහ බැංකුව ක්‍රියාත්මක කරන ලිහිල් මුදල් ප්‍රතිපත්තිය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර තිබෙනවා.
එමෙන්ම තැන්පතු පොලී අනුපාතිකය සියයට හතරයි දශම පහක් ලෙස පවත්වාගෙන යාමට ද තීරණය කෙරුණා.
මහ බැංකුවේ සමාලෝචන සාකච්ඡාවේදී මෙම කරුණු හෙළිවුණා. නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට පහයි දශම පහක් ලෙස නොවෙනස්ව පවත්වාගෙන යන බව මෙහිදී ප්‍රකාශ කෙරුණා. අපනයන ආදායම අඩු වුවද ආනයන වියදම වැඩිවීම විශාල ලෙස අඩුවීම හේතුවෙන් වෙළෙද හිගය ඇමෙරිකා ඩොලර් බිලියන දෙකකින් අඩුකර ගැනීමට හැකිවුණා.
පසුගිය වසරේදී ප්‍රතිපත්ති පොලී අනුපාතිකය සියයට දෙකයි දශම පහකින් අඩුවී තිබෙනවා. මේ හේතුවෙන් බොහෝ වෙළෙදපොල අනුපාතික මේ වනවිට පවතින්නේ ඉතිහාසයේ අවම පොලී අනුපාතික ලෙසයි. එමෙන්ම පසුගිය මාසය අවසානය වනවිට මෙරට විදේශ සංචිත ඇමෙරිකා ඩොලර් බිලියන හතරයි දශම හයක් දක්වා පහත වැටී තිබෙනවා.
මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජාතික ආර්ථික උපායමාර්ග ශ්‍රී ලංකාවට වැදගත්වන ආකාරය පිළිබද සාකච්ඡාවක්ද පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ ප්‍රධානත්වයෙන්.
මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා.
The post මහ බැංකුව තැන්පතු පොලී අනුපාතිකය 4.5%ක් ලෙස පවත්වාගෙන යාමට තීරණය කරයි appeared first on ITN News.
Post a Comment