Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සංඝරාජ මාවතේ සුපිරි වෙළඳ සංකීර්ණය විවෘත කෙරේ  

Add comments

සී/ස ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ කොළඹ 12 සංඝරාජ මාවතේ පිහිටි නවීකරණය කරන ලද සුපිරි වෙළඳ සංකීර්ණය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (05 )  විවෘත කළේය.

සෞභාග්‍යයේ දැක්ම සංකල්පය යටතේ දේශීය නිෂ්පාදන ආර්ථිකයට රට පෙළගැස්වීමේ කාර්යය වඩාත් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව මෙම සුපිරි වෙළඳ සංකීර්ණය නවීකරණය කර තිබේ.

අග්‍රාමාත්‍යතුමා වෙළඳ සංකීර්ණය විවෘත කිරීම සංකේතවත් කරමින් එහි වූ සමරු ඵලකය නිරාවරණය කරමින් පීත්ත පටිය කපා නව ගොඩනැගිලි පරිශ්‍රයට ඇතුළු විය.

ලෝක ජනාවාස දිනය වෙනුවෙන් සී/ස ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සේවක මහත්ම මහත්මීන්ගේ දරු දැරියන් වෙනුවෙන් පැවැත්වූ චිත්‍ර තරගය ජයග්‍රහණය කළ දරුවන්ට අග්‍රාමාත්‍යතුමා අතින් ත්‍යාග හා සහතික ප්‍රදානය කෙරිණි.
අනතුරව සී/ස ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ නවීකරණය කළ සුපිරි වෙළඳ සංකීර්ණයේ වෙළඳ ප්‍රදර්ශන කුටි අග්‍රාමාත්‍යතුමාගේ නිරීක්ෂණයට ලක්විය.

මෙම අවස්ථාවට ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ, සී/ස ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති මහේන්ද්‍ර විජේසේකර, සාමාන්‍යධිකාරී දිලුම් රත්නායක මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

The post ලංකා ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සංඝරාජ මාවතේ සුපිරි වෙළඳ සංකීර්ණය විවෘත කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG