සමාගම් හතරක් ආනයනය කළ පොල්තෙල්වල ඇෆලොටොක්සීන් නැමති පිළිකා කාරකය පවතින බවට සෞඛ්‍ය අමාත්‍යංශය කළ පරීක්ෂා කිරීමකදී හෙළි වුණා. ඒ අනුව මෙහි සත්‍යතාව තහවුරු කර ගැනීමට දෙවන පරීක්ෂාවක්ද සිදු කෙරුණා. මේ අනුවයි එක් ආයතනයක පොල්තෙල්වල මෙම පිලිකා කාරකය පවතින බව සොයා ගැණුනේ. එම පොල්තෙල් තොගය ප්‍රති අපනයනය කිරීමට තීරණය කර තිබෙනවා. සෙසු ආයතනවල පොල්තෙල් සම්බන්ධයෙන් දෙවන වාර්තාව හෙට දිනයේ ලැබීමෙන් පසුව එම පොල්තෙල් පිළිබදවද තීරණයක් ගැනීමට නියමිතයි. මේ අතර අලුත් අවුරුදු සමයේ ජනතාවට විෂ සහිත පොල්තෙල් ලබාදෙන බවට විපක්ෂය නගන චෝදනා සම්බන්ධයෙන් ආචාර්ය බන්දුල ගුණවර්ධන, සරත් වීරසේකර යන අමාත්‍යවරුන් පිළිතුරු ලබාදුන්නා.
The post සමාගම් 4 ක් ආනයනය කළ පොල්තෙල්වල පිළිකා කාරක පවතින බව තහවුරු වෙයි appeared first on ITN News.
Post a Comment