කොරෝනා ආසාදනයෙන් මියගිය බව පැවසෙන දින 20 ක් වයසැති බිළිදෙකුගේ මෘත ශරීරය අත්තනෝමතිකව ආදාහනය කිරිම තුළින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ඉදිරිපත් වූ පෙත්සමක් සළකා බලන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයෙකු අද ඉවත් වුණා. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙම බිළිදා මියගියේ.
ප්‍රියන්ත ජයවර්ධන, එල්ටීබී දෙහිදෙණිය, ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගොඩ සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැදවනු ලැබුවා. පෞද්ගලික හේතුවක් මත තමා පෙත්සම සළකා බැලීමෙන් ඉවත් වන බව විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා කියා සිටියා.
ඒ අනුව පෙත්සම සළකා බැලීම මැයි මස 25 වනදා තෙක් කල් තැබුණා. පෙත්සම ඉදිරිපත් කර තිබුණේ මට්ටක්කුළිය ප්‍රදේශයේ පදිංචි මියගිය දරුවාගේ දෙමව්පියනුයි. දරුවා කොරෝනා ආසාදනය වී මියගිය බවට වෛද්‍යවරුන් ප්‍රකාශ කළද මෘත ශරීරය සම්බන්ධයෙන් දෙවන පී සී ආර් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීම් කළත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට හදිසියේ දරුවා ආදාහනය කිරීමට රෝහල් පාලනාධිකාරිය කටයුතු කළ බවටයි පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ.
The post බිළිඳු මෘත ශරීරයක් ආදාහනය කිරීම සම්බන්ධයන් ඉදිරිපත් වූ පෙත්සමක් කැඳවයි appeared first on ITN News.
Post a Comment