Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

සම්බුද්ධ ශාසනයට දරුවන් පූජා කළ දෙමව්පියන්ට උපහාර පිණිස නිවාස වැඩසටහනක්  

Add comments

පරිසරය ගැන අද කතා කරන විපක්ෂය එදා ආණ්ඩුවේ හිදිමින් නිවාස ගම්මාන ඉදිකළේ පුරාවිද්‍යා ස්ථාන ඩෝසර් කරමින් හා කැලෑ හෙළි පෙහෙළි කරමින් බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා.

සම්බුද්ධ ශාසනයට සිය දරුවන් පූජා කළ දෙමව්පියන්ට උපහාර පිණිස ආරම්භ කර ඇති මිහිඳු නිවහන ව්‍යාපෘතියේ අනුරාධපුර දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහනට එක්වෙමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. වත්මන් ආණ්ඩුව ජනතාවට නිවාස ඉදිකිරීමේදී පරිසරය ආරක්ෂා කර ගැනීම සදහා විශේෂ අවධානයක් යොමු කර ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නා.

නිවාස වැඩසටහන ආරම්භ කරමින් පූජ්‍ය බුද්දන්නේගම අස්සජි ස්වාමීන් වහන්සේගේ දෙමව්පියන් වෙනුවෙන් අනුරාධපුර බ්ද්දන්නේගම ප්‍රදේශයේ නව නිවසකට මුල්ගල තැබීම රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. දිවයින පුරා නිවාස විසිදෙදහසක් මිහිඳු නිවහන වැඩසටහනේ පළමු අදියර යටතේ ඉදිකිරීමට නියමිතයි. ඒ සදහා වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ දොළොස් දහසක්. මහා සංඝරත්නය සහ දේශපාලන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

 

 

 

The post සම්බුද්ධ ශාසනයට දරුවන් පූජා කළ දෙමව්පියන්ට උපහාර පිණිස නිවාස වැඩසටහනක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG