Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

නවෝත්පාදන නිර්මාණය කළ 60 දෙනෙකුට ඊ ස්වාභිමානී සම්මාන  

Add comments

ඩිජිටල් නවෝත්පාදන හා නව නිපැයුම් ඇගයීමට ලක් කිරිම සදහා පැවැත්වෙන ඊ ස්වාභිමානී සම්මාන උළෙළ දහවන වරටත් කොළඹදී ඊයේ පැවැත්වුණා. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයයි සම්මාන උළෙල සංවිධාන කරන්නේ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙනුයි සම්මාන උළෙල පැවැත්වුණේ. කාණ්ඩ 12 ක් යටතේ ඊ ස්වාභිමානී සම්මාන පිරිනැමෙනවා. සමාජ සුබසිද්ධිය සදහා බලපෑමක් සිදුකළ හැකි නවෝත්පාදන නිර්මාණය කළ හැට දෙනෙකු මෙහිදී සම්මාන හිමිකර ගත්තා. සම්මානයට පාත්‍ර වූ මෘදුකාංග හා යෙදවුම් හතක් ජාත්‍යන්තර විශ්ව සමුළු සම්මාන ප්‍රදානෝත්සවය සදහාද ඉදිරිපත් කෙරෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම සහ ගම සමග පිළිසදරක් වැඩසටහන් තුළින් ග්‍රාමීය සංවර්ධනයේ දැවැන්ත වෙනසක් සිදුවන බව ලලිත් වීරතුංග මහතා මෙහිදී පෙන්වා දුන්නා. ශ්‍රී ලංකා තොරතුරු හා තාක්ෂණ සන්නිවේදන ආයතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

 

 

 

The post නවෝත්පාදන නිර්මාණය කළ 60 දෙනෙකුට ඊ ස්වාභිමානී සම්මාන appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG