රූපවාහිනි මහ ගෙදර සම්මාන ගොන්නට තවත් අතිවිශිෂ්ඨ සම්මානයක් එක් කරමින් ස්වාධීන රූපවාහිනි අටපට්ටම ලෝක වාර්තා අතරට එක් වුණා. ඒ එම වැඩසටහන අඛණ්ඩව දහතුන් වන වතාවටත් ස්ලිම් නිල්සන් ජනකාන්ත හා ජනප්‍රියම සම්මානයෙන් පිදුම් ලැබීමත් සමඟයි.
15 වෙනි ස්ලීම් නිල්සන් ජනතා සම්මාන උළෙල බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී පැවැත්වුණා. ඒ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ස්වාධීන රූපවාහිනි සේවයේ අටපට්ටම වැඩසටහන මෙවරත් ජනකාන්ත හා ජනප්‍රියම වැඩසටහන ලෙස සම්මාන ලැබූවා. එම වැඩසටහනේ අධ්යක්ෂ ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතා මෙම සම්මානය අඛණ්ඩවම දහතුන් වන වරටත් දිනා ගැනීම ලෝක වාර්තාවක්. ජනප්‍රියම වැඩසටහන් පහ අතරට ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතා අධ්‍යක්ෂණය කරන දොරමඩලාව වැඩසටහන ද නිර්දේශ වුණා. හොදම වැඩසටහන හා ජනප්‍රියම වැඩසටහන ලෙසත් ඒ මහතා අධ්‍යක්ෂණය කළ වැඩසටහන් සම්මානයට පාත්‍ර වී තිබෙනවා. හොදම නිවේදකයා සහ දක්ෂතම නිවේදකයා ලෙසත් හසන්ත හෙට්ටිආරච්චි මහතා මීට පෙර සම්මාන ලබා තිබෙනවා. මේ වනවිට ආචාර්ය හසන්ත හෙට්ටිආරච්චි මහතා ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ විධායක අධ්යක්ෂවරයා වශයෙන් ද කටයුතු කරනවා.
මෙවර ස්ලිම් නිල්සන් සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවා ලෙස සම්මාන ලැබුවේ හේමාල් රණසිංහයි. මාලනි ෆොන්සේකා ජනප්‍රියම නිළිය ලෙස සම්මාන ලැබුවා.
The post ITN ලෝක වාර්තා පොතට එක්කරමින් අටපට්ටමට 13 වෙනි වරටත් ජනතා සම්මානය appeared first on ITN News.
Post a Comment