ලෝක ක්ෂය රෝග දිනය අදයි. තනි රෝග කාරකයක් නිසා ලොව වැඩිම පුද්ගලයන් පිරිසක් මිය යන්නේ ක්ෂය රෝගයෙන් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
ක්ෂයරෝගය වාතයෙන් බෝවන රෝගයක් වනවා. පෙනහළුවලට බලෑම් කරන මෙම රෝගය හිසකෙස් හා නියපොතු හැර ශරීරයේ ඕනෑම ස්ථානයක් රෝගී කළ හැකි බවයි ක්ෂය රෝග මර්දනය හා ලය රෝග පිලිබද ජාතික වැඩසටහන සදහන් කරන්නේ. 2019 වසරේදී මෙරටින් ක්ෂය රෝගීන් 8434 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ක්ෂයරෝගීන් හදුනාගැනීමට හා ඔවුන්ට ප්‍රතිකාර කිරීමට දිස්ත්‍රික් ළය රෝග සායන 26 ක් සහ ශාඛා සායන 108 ක් දිවයින පුරා ක්‍රියාත්මකයි. මෙරට ක්ෂය රෝගය වැලදීමෙන් වසරකට පුද්ගලයන් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත් වනවා.
The post ලෝක ක්ෂය රෝග දිනය අදයි appeared first on ITN News.
Post a Comment