කොළඹ රාජගිරිය ප්රදේශයේ රථවාහන පරික්ෂාවේ නිරතව සිටියදී රියඅනතුරකට ලක්ව මිය ගිය උපපොලිස් පරික්ෂකවරයාගේ දේහය ඊයේ රාත්රියේ සිය නිවස වෙත රැගෙන එනු ලැබුවා.
රාජගිරිය ප්රදේශයේ රථවාහන පරික්ෂාවක නිරතව සිටියදී වැලිකඩ පොලීසියට අනුයුක්තව කටයුතු කළ රංජිත් ප්රියංකර නැමැති උපපොලිස් පරික්ෂකවරයා සහ තවත් පුද්ගලයෙකු අනතුරට ලක් වුණා. උපපොලිස් පරික්ෂකවරයා ගාල්ල වලහන්දූව බදුන්ගොඩ පදිංචිකරුවෙක්. බදුන්ගොඩ ඔහුගේ නිවස වෙත දේහය රැගෙන ආවේ ඊයේ රාත්රී 10.00 ට පමණයි. දේහය පිලිබද අවසන් කටයුතු පොලිස් උත්තමාචාර යටතේ පවුලේ සුසාන භූමියේදී හෙට සිදු කිරීමට නියමිතයි.
The post රිය අනතුරකින් මිය ගිය පොලිස් පරීක්ෂකවරයාගේ අවසන් කටයුතු හෙට appeared first on ITN News.
Post a Comment