Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට  

Add comments

අපවත් වී වදාළ අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන්ගේ ශ්‍රී දේහයට  අවසන්  ගෞරව දැක්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ එම ආර්යාව අද පැමිණියා.

අපවත්වීම සම්බන්ධයෙන් විශේෂ ශෝක පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද  රාජපක්ෂ මැතිතුමා පවසන්නේ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන් වර්ථමාන භික්ෂුවගේ කාර්යභාරය මැනවින් ඉටු කළ මුළු මහත් සඟපරපුරටම ආදර්ශ සම්පන්න සුපේෂල ශික්ෂාකාමී ගුණගරුක මහා යථිවරයාන නමක බවයි.

සම්බුද්ධ දේශනාවට අනුව භික්ෂුවක තුළ තිබිය යුතු ව්‍යක්ත බව විනීත බව විශාරද බව හා ධම්මානු ධම්මපටිපන්න බව මහානාහිමියන් තුළ නිරන්තරයෙන් විද්‍යමාන වූ බව අගමැතිතුමාගේ ශෝක පණිවුඩයේ දැක්වෙනවා. කර්ණ  රසායන මිහිරි හඩකින් මුලමැද අග ගලපා තමන්ට ආවේනික වූ ශෛලියකින් සැමගේ පහන් සංවේගය ඇති වන පරිදි මහානාහිමියන් සිය ධර්මදේශනා සිදු කළා.විදෙස් රටවල් රැසක ධර්ම චාරිකාවේ නිරත වූ උන්වහන්සේ කෙරෙහි පැහැදුනු    විදේශයන්හි සැදැහැවතුන් බුරුමයේ ශ්‍රී ලංකාරාමයත්, නේපාලයේ චාරුමතී විහාරයත් උන්වහන්සේට පූජා කළා.

ධර්මදේශනා කිරීමෙන් නොනැවතුනු උන්වහන්සේ කොසොල් රජුගේ සිහින, කේතුමතී රාජධානිය  ඇතුළු ධර්ම ග්‍රන්ථ රැසක් ද රචනා කර තිබෙනවා. අමරපුර මහානිකායට නායකත්වය සැපයූ උන්වහන්සේ එම නිකායේ තනතුරු රැසක් ඊට පෙර දරා තිබෙනවා. නිහතමානී ගුණය හා විද්වත් බව නිසාම උන්වහන්සේ වෙත බුරුම රජය අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනැමීමට ද කටයුතු කළා. උන්වහන්සේගේ අපවත්වීමෙන් සිදු වූ පාඩුව කලකට පිරිමැසිය නොහැකි බවයි ජනාධිපතිතුමා සිය නිවේදනයේ දැක්වෙන්නේ.

සිය පෞද්ගලික ජීවිතයේ මෙන්ම දේශපාලන ගමන්මගේදී ද කල්‍යාන මිත්‍රයකු හා ගුරුවරයකු ලෙස ලබා දුන් විවිධ අනුශාසනා සහ ආශිර්වාද උන්වහන්සේට ගෞරව පිණිස මෙම සංවේගජනක අවස්ථාවේදී සිහිපත් කිරීමට කැමති බවයි අගමැතිතුමා පවසන්නේ.අපවත් වී වදාළ  මහානාහිමියන්ගේ ශ්‍රී දේහයට ගෞරව දැක්වීම පිනිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ එම ආර්යාව අද පෙරවරුවේ පැමිණියා.එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් යන බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයන් උන්වහන්සේ අවසන් ගෞරව දැක්වීම සදහා පැමිණ සිටියා.

මහානාහිමියන්ගේ ශ්‍රී දේහය පිලිබද ආදාහන පූජෝත්සවය කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී  හෙට පැවැත්වෙනවා.හෙට දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇති අතර කොළඹ දිස්ත්‍රික්කය තුළ මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන සහ මස් මාංශ අලෙවිසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඊට අමතවර සුරාසල් සහ මත්පැන් අලෙවි මධ්‍යස්ථාන ද හෙට දිනයේ වසා තැබීමටයි කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ.

 

 

The post කොටුගොඩ ධම්මාවාස මහානාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හෙට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG