වයස අවුරුදු 65 ට වැඩි ජනතාව සදහා ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීමට ප්‍රංශය අනුමැතිය ලබාදී තිබෙනවා.
බෝ නොවන රෝග ඇති වයස අවුරුදු 65 ට වැඩි ජනතාවට එන්නත ලබාදීම සදහා වැඩි අවධානයක් යොමු කර ඇති බවයි ප්‍රංශ රජය සදහන් කරන්නේ. එහිදී ද වයස අවුරුදු 65 සහ 74 පරාසය කෙරෙහි විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. ඇස්ට්‍රා සෙනෙකා එන්නත වයස අවුරුදු 65 ට අඩු ජනතාවට පමණක් ලබාදීමට ප්‍රංශය පසුගිය මාසයේ දී අනුමැතිය ලබාදුන්නා. සායනික පරීක්ෂණවලදී තහවුරු වූ කරුණු අනුව වයස අවුරුදු 65 ට වැඩි ජනතාවට ද එන්නත ලබාදීමේ ගැටලුවක් නොමැති බවයි අනාවරණ වී ඇත්තේ.
The post 65 ට වැඩි ජනතාවට ඇස්ට්‍රා සෙනෙකා එන්නත ලබාදීමට ප්‍රංශයේ අනුමැතිය appeared first on ITN News.
Post a Comment