ඇමරිකාවේ කෙන්ටකී පළාතට බලපා ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර තත්ත්වයක් ද හටගෙන ඇති බවයි වාර්තා වන්නේ. හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කිරීමත් සමඟම සහන කටයුතු සැලසීමට අවශ්‍ය පූර්ණ බලතල ආණ්ඩුකාරවරයාට හිමිවනවා. ආපදාවට පත්වූවන්ට අවශ්‍ය පානීය ජලය හා ආහාර බෙදාදීම මේ වනවිටත් ආරම්භ කර ඇති බවයි සහන කණ්ඩායම් සඳහන් කරන්නේ. කෙසේ වුවද ඉදිරි දින කිහිපය තුළද වර්ෂාපතනයේ බලපෑම හා හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව එරට කාලගුණ අංශ සඳහන් කරනවා.
The post ඇමරිකාවේ කෙන්ටකී පළාතට හදිසි තත්ත්වයක් appeared first on ITN News.
Post a Comment