මෙක්සිකෝවේ කාය වර්ධන මධ්‍යස්ථාන හා සිනමා ශාලා නැවත වරක් මහජනතාව වෙත විවෘත කිරීමට අවසර ලබාදී තිබෙනවා.
දැඩි සෞඛ්‍යාරක්ෂණ විධි විධාන මධ්‍ය යේයි එම ස්ථාන ජනතාව වෙත විවෘත කිරීමට අවසර ලබාදී ඇත්තේ. පසුගිය වසරේ කොරෝනා ව්‍යාප්තියත් සමගම පොදු ස්ථාන සියල්ලක්ම පාහේ වසා දැමීමට මෙක්සිකෝ රජය පියවර ගත්තා. වයිරස ව්‍යාප්තිය ක්‍රමිකව අඩාල වීමත් සමගම නැවත වරක් පොදු ස්ථාන මහජනතාව වෙත විවෘත කිරීමටයි සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත්තේ.
මේ වනවිට එරටින් ආසාදිතයින් විසි ලක්ෂ අසූ නව දහස් දෙසීය අසූ එක් දෙනෙකු හමුවී ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව එක් ලක්ෂ අසූ හය දහස් එකසිය පනස් දෙකක්.
The post මෙක්සිකෝවේ කාය වර්ධන මධ්‍යස්ථාන හා සිනමා ශාලා යළි විවෘත කිරීමට අවසර appeared first on ITN News.
Post a Comment