කෝවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 310 දෙනෙකු ඊයේ (01) දිනයේ හදුනාගත්තා.
ඊයේ දිනයේ හදුනාගත් කොරෝනා ආසාදිතයින් 310 දෙනා අතරින් 303 දෙනෙකු දේශීය හදුනාගත් පුද්ගලයින්. වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 60 ක්. ගම්පහ දිස්ත්‍රික්ක්යෙන් 40 දෙනෙකු සහ රත්නපුරයෙන් 34 දෙනෙකු වාර්තා වුණා. අනෙකුත් ආසාදිතයින් 169 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්වලින් වාර්තා වී තිබෙනවා.
අද උදෑසන වන විට මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 79,897 ක්. ඉන් පුද්ගලයින් 78,028 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
මෙරටින් වාර්තා වූ කෝවිඩ් 19 සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 83,552 ක්. 3654 දෙනෙකු රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා. 79,422 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
කෝවිඩ් 19 ආසාදනය වී සිටි පුද්ගලයින් 05 දෙනෙකු මිය යාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 476 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
බුලත්කොහුපිටිය, කොළඹ 10, මහනුවර, ගණේමුල්ල සහ පූජාපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් කිහිප දෙනෙකුයි මෙලෙස මිය ගොස් තිබෙන්නේ.
ත්‍රිවිධ හමුදාව මගින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 95 ක් තුළ පුද්ගලයින් 9891 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිනවා.
ඊයේ දිනය තුළ සිදු කළ පීසීආර් පරික්ෂණ සංඛ්‍යාව 9822 ක්.
The post ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 310ක් – කොළඹින් 60ක් appeared first on ITN News.
Post a Comment