Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ගුවන් හමුදාවේ නිලධාරීන් 7,757කට උසස්වීම්  

Add comments

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන් නිලධාරීන් 467 කු සහ සෙසු නිලයන් 7290 කට උසස්වීම්  ලබාදීමට කටයුතු කර ඇති බවයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව සදහන් කළේ.

1951 වසරේ මාර්තු මස දෙවනදා රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කෙරුණා. 1972 වසරේදී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසු රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව  ලෙස නම් කෙරුණා. ආරම්භයේදී නිලධාරීන් 06 දෙනෙකු සහ සෙසු නිලයන් 21 කින් ආරම්භ කෙරුණු මෙරට ගුවන් හමුදාව සතුව  අද වනවිට 34000 ක පමණ සාමාජිකයන් පිරිසක් සිටිනවා.

වර්තමානය වනවිට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතුව ගුවන් යානා සියයකට වැඩි සංඛ්‍යාවක් ඇති අතර කෆීර් සහ එෆ්  සෙවන් ප්‍රහාරක යානා ද සතු වීම විශේෂත්වයක්. ප්‍රවාහන කටයුතු සදහා යොදා ගන්නා ඒ එල් 32 / සී  130 / එම් ඒ 60 ආදී ගුවන් යානා මෙන්ම බෙල් 212 / බෙල් 412 / එම් අයි 17  ඇතුලු හෙලිකොප්ටර් යානා ද ගුවන් හමුදාව සතුයි. එල්ටීටීඊ සංවිධානයට එරෙහි මානුෂීය මෙහෙයුමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාව විශේෂ මෙහෙවරක් ඉටු කළ අතර එහිදී මියගිය ගුවන් හමුදා රණවිරුවන් සිහි කිරීමේ විශේෂ වැඩසටහනක් ද  පසුගියදා සිදු කෙරුණා.

මානුෂීය මෙහෙයුමේදී ත්‍රස්තවාදීන්ගේ ගුවන් බලය සාර්ථකව මැඩලීමට කටයුතු කළ ගුවන් හමුදාව යුද වාතාවරණය තුලදී තුවාල කරුවන් ප්‍රවාහනය කිරීම සදහා ලබාදුන්නේ විශාල දායකත්වයක්. එම් අයි විසි හතර ප්‍රහාරක හෙලි කොප්ටර් යානා යොදා ගනිමින් ත්‍රස්ත ඉලක්ක වෙත නිවැරදිව ප්‍රහාර එල්ල කරමින් පාබල හමුදාවලට විශාල සහයෝගයක් ලබාදීමට ගුවන් හමුදාව කටයුතු කළා.

ගුවන් හමුදා 70 වන සංවත්සරය සමරමින් අංක 05 ප්‍රහාරක ජෙට් බලගණය අංක 06 හෙලිකොප්ටර් බලගණය  සදහා ජනාධිපති  වර්ණ පිදීමට නියමිතයි.   එහිදී ගුවන් කරණම් සහිත ගුවන් සංදර්ශනයක් මාර්තු 03 වනදා සිට 05 වනදා දක්වා පස්වරු 5.00 සිට 6.00 දක්වා කාලය තුළ ගාලු මුවදොරදී පැවැත්වෙනවා. මෙම සංවත්සර උළෙල සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ යානා 24 ක් මෙන්ම ඉන්දීය ගුවන් හමුදාවේ යානා 23 ක් සහභාගි වීමට නියමිත බව ගුවන් හමුදා මාධ්‍ය  ප්‍රකාශක ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පැවසුවා.

ඉන්දියාවේ ගුවන් යානා සංදර්ශන කණ්ඩායමක් වන සූර්්‍ය කිරන් ගුවන් යානා නවයක් මෙරටට පැමිණ තිබෙනවා. මීට අමතරව සරාන් නම් ඉන්දීය හෙලිකොප්ටර් සංදර්ශන කණ්ඩායමද සංදර්ශන ඉදිරිපත් කිරීමට නියමිතයි. ඉන්දියාවේ තේජස් නැමති සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානයක් ද දිවයිනට පැමිණ තිබෙනවා.

 

 

 

The post ගුවන් හමුදාවේ නිලධාරීන් 7,757කට උසස්වීම් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG