Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුතුරාජවෙල නාගරික සංවර්ධනයටත් පරිසරයටත් පවරාගත්තාට කාදිනල් හිමිගෙන් අප්‍රසාදයක්  

Add comments

මුතුරාජවෙල තෙත් බිම් කලාපය  ආශ්‍රිත ප්‍රදේශය පරිසර අමාත්‍යංශය හා නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීම සම්බන්ධයෙන් තම අප්‍රසාදය පළ කරන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සදහන් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් උන් වහන්සේ මේ බව සදහන් කළ අතර මේ සම්බන්ධයෙන් අප පරිසර අමාත්‍යංශයෙන් ද විමසීමක් කළා.

මුතුරාජවෙල ආශ්‍රිත ප්‍රදේශය පරිසර අමාත්‍යංශයට හා නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේ යෝජනාවට තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරන බව අගරදගුරුවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙනවා. මේ ප්‍රදේශයේ සිදුව ඇති පරිසර විනාශයන් සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් පත් නොකිරීම සම්බන්ධයෙන් ද කාදිනල් හිමියන් තම කනස්සල්ල පල කර තිබෙනවා.

මේ අතර පරිසර අමාත්‍යංශයෙන් අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළා. මුතුරාජවෙල තෙත් බිම් පරිසර පද්ධතිය ආරක්ෂා කර ගනිමින් දේශීය හා විදේශීය සංචාරක ආකර්ශනය දිනාගත හැකි ප්‍ර දේශයක් ලෙස එය සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව එම අමාත්‍යංශය සදහන් කළා. ඒ අනුව පරිසර අමාත්‍යංශය සහ නාගරික සංවර්ධන අධිකාරිය යටතට එම ප්‍රදේශය පවරාගෙන පරිසර අමාත්‍යංශය, වනජීවි අමාත්‍යංශය හා වන සංරක්ෂණ අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය යටතේ එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.

ඊට අදාළ මිනුම් කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති අතර අදාළ ප්‍ර දේශයේ අනවරස ඉදිකිරීම් ඉවත් කිරීමට කටයුතු කෙරෙනවා. කඩොලාන පරිසර පද්ධතියද නිසි පරිදි ආරක්ෂා කර ගැනීමට සැලසුම් කර තිබෙනවා. මෙය මුතුරාජවෙල පරිසර පද්ධතිය රැක ගැනීමට ගත හැකි හොදම පියවරක් බවයි පරිසර අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කරන්නේ.

 

The post මුතුරාජවෙල නාගරික සංවර්ධනයටත් පරිසරයටත් පවරාගත්තාට කාදිනල් හිමිගෙන් අප්‍රසාදයක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG