Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

වයස අවුරුදු 7ක කුඩා දරුවෙකු පෙට්‍රල් ආඝ්‍රාහණය වීම හේතුවෙන් ජීවිතක්‍ෂයට  

Add comments

දඹුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 7 ක කුඩා දරුවෙකු පෙට්‍රල් ආඝ්‍රාහණය වීම හේතුවෙන් ජීවිතක්‍ෂයට පත්වුණා. යතුරු පැදියක ඉන්ධන ටැංකියේ මූඩිය ඉවත් කර පෙට්‍රල් සුවද බැලීමට උත්සාහ දැරූ අවස්ථාවේයි දරුවා අනතුරට පත්ව තිබෙන්නේ.

දඹුල්ල වැලමිටියාව ප්‍රාථමික පාසලේ දෙවන වසරේ ඉගෙනුම ලැබූ සජිත් කුමාර මුණසිංහ දරුවායි මෙම අවාසනාවන්ත සිද්ධියට මුහුණ දුන්නේ. ඔහු සිය මිත්තනියගේ නිවසට පැමිණ එහි තිබූ යතුරු පැදියක් මතට නැග ඉන්ධන ටැංකියේ මූඩිය ඉවත් කර තිබෙනවා. ඒ සමඟ පෙට්‍රල් ආඝ්‍රාණය වීම හේතුවෙන් දරුවා සිහිසුන්ව යතුරුපැදිය මත වැටී සිටි බවයි ඔහුගේ ඥාතීන් ප්‍රකාශ කළේ. දරුවා කඩිනමින් ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්ත ද ඒ වන විටත් මිය ගොස් සිටි බව රෝහල් වාර්තා සඳහන් කළා. දේහය පිළිබඳ පශ්චාත් මරණ පරික්‍ෂණය දඹුල්ල මූලික රෝහලේදී අද සිදු කිරීමට නියමිතයි.

 

 

 

The post වයස අවුරුදු 7ක කුඩා දරුවෙකු පෙට්‍රල් ආඝ්‍රාහණය වීම හේතුවෙන් ජීවිතක්‍ෂයට appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG