Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

හඳට යන්න කැමති 8 දෙනෙකුට බිලියනපතියෙකුගෙන් අපූරු යෝජනාවක්  

Add comments

ජපානයේ බිලියනපතියෙකු වන යුසාකු මීසාවා අපූරු යෝජනාවක් කර තිබෙනවා. ඒ තමන් සමඟ නොමිලේ හඳට යාමට කැමති අට දෙනෙකුට ඉදිරිපත් වන ලෙසයි.

එලන් මස්ක් අභ්‍යවකාශ ෂටලය මඟින් 2023 වසරේදී මෙම සඳ ගමන සැලසුම් කර තිබෙනවා. ආසන 08ක් වෙන් කරවා ගැනීමට මෙම ජපන් බිලියනපතියා දැනටමත් කටයුතු කර ඇති  බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. විවිධ පසුබිම් නියෝජනය කරන පුද්ගලයන් 08 දෙනෙකු තෝරා ගැනීමට ඔහු අපේක්ෂා කරනවා.

සඳ ගමනට යාම සඳහා අයදුම් කිරීමේදී කොන්දේසි දෙකක් ඉදිරිපත් කරන බව මීසාවා පවසනවා. එක් කොන්දේසියක් වන්නේ සමාජයේ යහපතට කටයුතු කරන පුද්ගලයෙකු වීම වන අතර අනෙක් කොන්දේසිය වන්නේ සඳ ගමනට සහභාගි වන අනෙක් පුද්ගලයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමයි.

මීසාවා විලාසිතා කර්මාන්තයේ දැවැන්ත ව්‍යාපාරිකයෙකු වන අතර කලා කෘති එක් රැස් කිරීම සම්බන්ධයෙන් ද විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඇති අයෙක්. සඳ ගමනේදී එක් ටිකට්ටුවක් සඳහා වැයවන මුදල මෙතෙක් හෙළි කර නොමැති අතර මීසාවා සඳහන් කර  ඇත්තේ අති විශාල මුදලක් එයට වැය වන බවයි.

 

 

The post හඳට යන්න කැමති 8 දෙනෙකුට බිලියනපතියෙකුගෙන් අපූරු යෝජනාවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG