Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාර්ග කිලෝමීටර 80 ක් සංවර්ධනය කිරීම ඇරඹෙයි  

Add comments

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාර්ග කිලෝමීටර 80 ක් සංවර්ධනය කෙරෙනවා. ඒ සදහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 6745 ක්. අමාත්‍යවරුන් වන  ජොන්ස්ටන් ප්‍රනාන්දු, එස් එම් චන්ද්‍රසේන,රාජ්‍ය අමාත්‍යවරුන් වන නිමල් ලාන්සා, ෂෙහාන් සේමසිංහ යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුණා. තලාව කැකිරාව මාර්ගය, කැකිරාව ගනේවල්පොල මාර්ගය හා ගනේවල්පොල දාච්චිහල්මිල්ලෑව යන මාර්ග මෙසේ සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා. යහපාලන රජය සමයේ මෙම මාර්ග කැබිනට් අනුමැතියකින් තොරව සංවර්ධනය කිරීමේ කටයුතු ආරම්භ කළ ද ඒවා මුල්ගල්වලට පමණක් සීමා වී තිබෙනවා. 1970 වසරෙන් පසු තම ප්‍රදේශයේ මාර්ග මෙසේ සංවර්ධනය කරන බවයි ප්‍රදේශවාසීන් කියාසිටින්නේ.

පාදුක්ක මංසන්ධියේ වටරවුම් මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම රුපියල් මිලියන 26ක වියදමින් ආරම්භ කෙරුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන්. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව යමින් මාර්ග සංවර්ධනය සිදුකෙරෙනවා.

 

 

 

The post අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාර්ග කිලෝමීටර 80 ක් සංවර්ධනය කිරීම ඇරඹෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG