Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

“වාරි සෞභාග්‍යයා” තවත් අදියරක් පනාමුර ඇල්ලේවැව ජලාශ පරිශ්‍රයේදී  

Add comments

වාරි සෞභාග්‍යයා ජාතික වැඩසටහනේ තවත් අදියරක් පනාමුර ඇල්ලේවැව ජලාශ පරිශ්‍රයේදී සිදුකෙරුණා. ඒ අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව වාරි සෞභාග්‍යයා ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ග්‍රාමීය වැව් අමුණු සංවර්ධනය කිරීම වෙනුවෙන්. ඒ යටතේ ඇඹිලිපිටිය පනාමුර ඇල්ලේවැව ජලාශය සංවර්ධනය කිරීම ආරම්භ කෙරුණා. ජලාශයේ ඉදිකිරීම් වසර 2 ක් තුළ අවසන් කිරීමට නියමිතයි. මේ සදහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 160 ක්. කුඹුරු අක්කර 1800 ක් පමණ යල මහ දෙකන්නයේම වගා කිරීමේ අවස්ථාව වැව සංවර්ධනය තුළින් ගොවි ජනතාවට හිමිවනවා. වැව ඉදිකිරීම හේතුවෙන් ඉඩම් අහිමි වන පවුල් සදහා වන්දි ප්‍රදානය ද මෙහිදී සිදුකෙරුණා. වාසුදේව නානායක්කාර , පවිත්‍රා වන්නිආරච්චි යන අමාත්‍යවරුන් හා මහජන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

The post “වාරි සෞභාග්‍යයා” තවත් අදියරක් පනාමුර ඇල්ලේවැව ජලාශ පරිශ්‍රයේදී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG