අගහරු ගවේෂණයේ නිරතවන චීනයේ ටියෑන් වෙන් වන්, අභ්‍යවකාශ යානය ග්‍රහණය කර ගත් අගහරු ග්‍රහයාගේ ඡායාරූප පෙළක් චීන ජාතික අභ්‍යවකාශ පරිපාලනය මගින් නිකුත් කරනු ලැබුවා.
අගහරු පෘෂ්ඨයේ සිට කිලෝමීටර් 330ත් 350ත් අතර දුරින් පිහිටි ටියෑන් වෙන් වන් යානයේ අධිතාක්ෂණික කැමරාව මගින් මෙහි සමීප ඡායාරූප හසුකරගෙන තිබෙනවා. එමගින් අගහරු ග්‍රහයා මත පැහැදිලි කුඩා ආවාට, කදුවැටි, වැලි කදු සහ වෙනත් අංග ග්‍රහණය කරගෙන තිබෙනවා.
එහි දැක්වෙන විශාලතම ආවාටය, විශ්කම්භය මීටර් 620ක් පමණ යැයි ගණන් බලා තිබෙනවා. එමෙන්ම වර්ණ ඡායාරූපය මගින් අගහරුගේ උත්තරද්‍රැවීය කළාපය පෙන්නුම්කරන බවයි අභ්‍යවකාශ පරිපාලන මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.

The post චීන අභ්‍යවකාශ යානයෙන් අගහරුගේ නව ඡායාරූප පෙළක් appeared first on ITN News.
Post a Comment