Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

“ශ්‍රී සර්වඥ ධාතු පුරාණය හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි” ග්‍රන්ථය ජනපති ප්‍රධානත්වයෙන් එළි දකී  

Add comments

“කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතු පුරාණය හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි” පර්යේෂණාත්මක ශාස්ත්‍රීය ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය ඊයේ (17) සවස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණ.

අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංස මහානායක හිමිපාණන්ගේ උපදේශකත්වයෙන් ඩබ්.ඒ. පද්මින් සමීර මහතා ග්‍රන්ථය සම්පාදනය කොට ඇත.

උත්සවයට පැමිණි ජනාධිපතිතුමා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මහානායක හිමිපාණන්ගේ ඡායාරූපයට පුෂ්පෝහාර දැක්වීය.
පූජ්‍ය වස්කඩුවේ මහින්දවංස හිමියෝ ජනාධිපතිතුමා වෙත ග්‍රන්ථය පිළිගැන්වූහ.

ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කෙරිණ.

වස්කඩුවේ ශ්‍රී සුභූති මහා විහාරයේ නිල වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහා නායක සාහිත්‍යශූරී අතිපූජ්‍ය ගන්තුනේ අස්සජී හිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමි, අමරපුර ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය මහා සංඝ සභාවේ මහානායක අතිපූජ්‍ය වස්කඩුවේ මහින්දවංශ මහා නා හිමි, කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය අතිපූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ඇතුළු මහා සංඝරත්නය, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍යවරුන් වන විදුර වික්‍රමනායක, පියල් නිශාන්ත, ජයන්ත සමරවීර සහ හිටපු කථානායක කරූ ජයසූරිය යන මහත්වරුන්, ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් භග්ලේ , මියන්මාර තානාපති හෑන් තූ යන මහත්වරු ඇතුළු දෙස් විදෙස් ආරාධිතයෝ සහ සමස්ත අමරපුර නිකායාරක්ෂක දායක සභාවේ සභාපති අජිතා ද සොයිසා ඇතුළු දායක සභාවේ සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

The post “ශ්‍රී සර්වඥ ධාතු පුරාණය හා රාජගුරු වස්කඩුවේ ශ්‍රී සුභූති මාහිමි” ග්‍රන්ථය ජනපති ප්‍රධානත්වයෙන් එළි දකී appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG