Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ටැන්සානියා ජනාධිපති කෝවිඩ් වැළඳීමෙන් මියගිය බවට පළ වන වාර්තා අසත්‍යයි  

Add comments

ටැන්සානියා ජනාධිපතිවරයා මියගොස් ඇත්තේ කෝවිඩ් වැළඳීමෙන් බවට පළ වන කට කතා අසත්‍ය බව එරට රජය නිවේදනය කරනවා.

ටැන්සානියා ජනාධිපති ජෝන් මගුෆුලි මිය යන විට 61 වන වියෙහි පසු වුණා. එරට උප ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ හදවත් රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය ගිය බවයි. කෙසේ වෙතත් ටැන්සානියා විපක්ෂනායකවරයා ප්‍රකාශ කළේ ඔහුට කොරෝනා වයිරසය වැළදී ඇති බවයි. ටැන්සානියා ජනාධිපතිවරයා වෛද්‍ය ප්‍රතිකාරවලට වඩා යාඥා සහ දේශීය ද්‍රව්‍ය භාවිතයෙන් කොරෝනා සුව කළ හැකි බවට දැඩිව විශ්වාස කළ අයෙක්. ඔහුගේ අභාවය හේතුවෙන් එරට දින 14 ක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

 

 

 

 

 

 

 

 

The post ටැන්සානියා ජනාධිපති කෝවිඩ් වැළඳීමෙන් මියගිය බවට පළ වන වාර්තා අසත්‍යයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG