ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශයට දැඩි ගංවතුර තත්ත්වයක් හටගෙන තිබෙනවා.
නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට මෙම ගංවතුර තත්ත්වයෙන් බලපෑම් එල්ල වී අති බවයි වාර්තා වන්නේ. දශක ගණනාවකින් අනතුරුව එම ප්‍රදේශයට බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙය වනවා. නිව් සවුත්වේල්ස්හි පුද්ගලයින් දහඅටදහසකට වැඩි සංඛ්‍යාවක් අවතැන්ව ඇති බව වාර්තා වනවා. බටහිර සිඩ්නි ප්‍රදේශයටද ගංවතුරෙන් බලපෑම් එල්ල වී ඇති බව සඳහන්. ඇතැම් ප්‍රදේශවල අඩි තුනහමාරක් පමණ උසට ගංවතුර හටගෙන ඇති බව ඕස්ට්‍රේලියා වාර්තා සඳහන් කරනවා.
The post ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශයට දැඩි ගංවතුර තත්ත්වයක් appeared first on ITN News.
Post a Comment