අවිධිමත් ලෙස ක්‍රියාත්මක වුණු පෙරපාසල් අධ්‍යාපනය විධිමත්කරමින් භෞතික පහසුකම් රැසක් ලබාදීමට රජය කටයුතු කර ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.
කුරුණෑගල පැවති පෙරපාසල් සමුළුවට සහභාගී වෙමින් පියල් නිශාන්ත මහතා මෙම අදහස් පළකළා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පෙරපාසල් සංවර්ධනය සඳහා ලක්ෂ 5 බැගින් මූල්‍ය ප්‍රතිපාදන ලබා දීම ද මෙහිදී සිදු කෙරුනා. කොරෝනා ව්‍යසනය හමුවේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පෙරපාසල් සඳහා උපකරණ ලබාදීම ද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අතින් සිදු කෙරුණා.
The post පෙරපාසල් අධ්‍යාපනය විධිමත්කරමින් භෞතික පහසුකම් රැසක් ලබාදීමට පියවර appeared first on ITN News.
Post a Comment