අපවත්වී වදාළ ශ්‍රී‍්‍ර ලංකා අමරපුර නිකායේ මහනායක අග්ගමහා පණ්ඩිත මහෝපාද්‍ය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පස්වරුවේ පැවැත්වෙනවා. ඒ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව නිදහස් චතුරස්රයේදි.
අද ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරිමටයි රජය තීරණය කළේ. ඊට කැබිනට් අනුමැතියද හිමි වුණා.
ආදාහන පුූජෝත්සවය හේතුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්ද කි‍්‍රයාත්මකයි. ඒ අනුව පස්වරු එකෙන් පසු ගල්කිස්ස, ගාලු පාර, බම්බලපිටිය, තුන්මුල්ල හංදිය හරහා නිදහස් චතුරස්‍රය දක්වා ගමන් ගන්නා රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටයි පොලිසිය ඉල්ලීමක් කළේ.
The post කොටුගොඩ ධම්මාවාස මහනායක හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පස්වරුවේ appeared first on ITN News.
Post a Comment