ඉන්ධන බහාලුම් රැගත් විශාල නෞකාවක් ඊජිප්තුවේ සූවස් ඇළෙහි සිරවී ඇති බව වාර්තා වනවා
අඩ් 1312 ක් පමණ දිගැති නෞකාව සූවස් ඇළෙහි සිරවීමෙන් එහි ගමන් ගත් නෞකා රැසක ගමනාගමනයටද බාධා එල්ල වී තිබෙනවා. මේ හේතුවෙන් ලෝක ඉන්ධන මිලටද බලපෑම් එල්ල වනු ඇති බවයි වාර්තා වන්නේ. ඉන්ධන රැගත් නෞකා විශාල සංඛ්‍යාවක් සූවස් ඇළ හරහා ගමන් කරනු ලබනවා. නෞකාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට මෙහෙයුම් ආරම්භ කර ඇති නමුත් පවතින කාලගුණික තත්ත්වය හේතුවෙන් ඊට බලපෑම් එල්ල වී ඇති බවද වාර්තා වනවා.
The post ඉන්ධන බහාලුම් රැගත් නෞකාවක් සූවස් ඇළෙහි සිරවෙයි appeared first on ITN News.
Post a Comment