සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය උදෙසා මෙරට තුළම සංචාරක රුවල් යාත්‍රා නිෂ්පාදනය කිරීමේ කම්හලක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමු වී තිබෙනවා.
දිවයින වටා මුහුදු තීරය විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට එදා සිටම ඉවහල් වුණා. ඔවුන් සදහා රුවල් යාත්‍රා නිෂ්පාදනය සිදු කෙරෙනුයේ පෞද්ගලික අංශය හරහායි. රජය මගින් ද රුවල් යාත්‍රා නිෂ්පාදන කම්හලක් ආරම්භ කිරීම සදහා අවශ්‍ය කටයුතු සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා පියවර ගත්තා. අම්බලන්තොට ලුණම ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත එම භූමිය ද රාජ්‍ය අමාත්‍යවරයාගේ නිරීක්‍ෂණයට ලක්වුණා. ප්‍රදේශයේ රුවල් යාත්‍රා නිෂ්පාදනය කරන පෞද්ගලික කම්හලක් නිරීක්‍ෂණයට ද ඒ මහතා කටයුතු කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්‍ෂ, අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති දර්ශන සංජීව යන මහත්වරුන් ද මෙම සංචාරයන්ට එක්වුණා.
The post රුවල් යාත්‍රා නිෂ්පාදන කම්හලක් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සොයා බැලේ appeared first on ITN News.
Post a Comment