Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

අවුන්සාන් සුචීට අල්ලස් ලබා දුන් බව මියන්මාරයේ ප්‍රධාන ව්‍යාපාරිකයෙකු පවසයි  

Add comments

මියන්මාරයේ ප්‍රධාන ව්‍යාපාරිකයෙකු තමන් අවුන්සාන් සුචීට අල්ලස් ලබා දුන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබෙනවා.

මියන්මාර රාජ්‍ය රූපවාහිනි මාධ්‍ය ඔස්සේ මේ බව ප්‍රචාරය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහු 2018 සහ 2020 යන කාලය තුළදී සුචීට අමෙරිකා ඩොලර් පන් ලක්ෂ පනස් දහසක් පමණ අල්ලස් ලෙස ලබා දී ඇති බව පිළිගෙන තිබෙනවා. එම කාලය තුළ ඇය මියන්මාරයේ නිල නොලත් නායිකාව ලෙස කටයුතු කළා. අල්ලස් ලබා ගැනීම සම්බන්ධයෙන් අවුන් සාන් සුචීට එරෙහිව නඩු කිහිපයක් විභාග වෙමින් පවතිනවා. පසුගිය පෙබරවාරි පළමුවනදා හමුදා පාලකයින් මියන්මාරය තම පාලනයට ගැනීමෙන් අනතුරුව ඇය අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කළා. මෙම චෝදනාවන්ට සුචී වරදකරු බවට පත්වුවහොත් දීර්ඝ සිරදඩුවමක් සහ දේශපාලන තහනමකට යටත් වීමට සිදුවනු ඇති.

 

The post අවුන්සාන් සුචීට අල්ලස් ලබා දුන් බව මියන්මාරයේ ප්‍රධාන ව්‍යාපාරිකයෙකු පවසයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG