දෛනික වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වා ඉහළ නැංවීමට අදාළ ගැසට් පත්‍රය මුද්‍රණයට යවා ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.
කම්කරු අමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදීයී අමාත්‍යවරයා මේ බව සදහන් කළේ. අදාළ ගැසට් පත්‍රය නිකුත් කළ වහාම වැටුප් ගෙවීමට අදාළ දැනුම්දීම හාම්පුතුන් වෙත සිදු කරන බවද අමාත්‍යවරයා පැවසුවා.
පසුගිය රජය සමයේ ද වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීම සදහා ඉල්ලීම් ගණනාවක් යොමු වුව ද ඒ කිසිවක් සාර්ථක වුණේ නැහැ. වත්මන් රජය පත්වීමෙන් පසු ලබා දුන් පොරොන්දුවට අනුව මේ වන විට වතු වැටුප ඉහළ නැංවීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකි වී තිබෙනවා.
The post වතු කම්කරු දහසේ වැටුප පඩි පාලක සභාව ස්ථීර කරයි – ගැසට් පත්‍රය මුද්‍රණයට appeared first on ITN News.
Post a Comment