Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීම අගමැති ප්‍රධානත්වයෙන්  

Add comments

පාර්ලිමේන්තුවේ අමාත්‍යාංශයීය උපදේශක කාරක  සභාවල කාර්ය භාරය වඩාත් පුළුල් කිරීම කෙරෙහි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ අවධානය යොමුවුණා.

මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීම අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. නීති සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලියේදී මන්ත්‍රිවරුන් සමග වඩාත් සංවාදශීලි හා ක්‍රියාකාරී ලෙස සම්බන්ධ වීමට උපදේශක කාරක සභා ක්‍රමය හරහා හැකිවන බව මෙහිදී සාකච්ඡා වුණා. පාර්ලිමේන්තු ලේකම් මඩුල්ල වෙනුවෙන් සහකාර මහලේකම් ටිකිරි කේ ජයතිලක මහතා අදහස් දැක්වුවා. ඔහු කියා සිටියේ උපදේශක කාරක සභාවලට ලැබී ඇති බලතල අනුව වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස කටයුතු කිරීමට හැකියාව ලැබෙන බවයි. වත්මන් ලෝකයේ වෙනස්කම් වලට අවධානය යොමුකරමින් අමාත්‍ය උපදේශක කාරක සභා පවත්වාගෙන යාමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළා. ශෙහාන් සේමසිංහ, අජිත් නිවාඩ් කබ්රාල් යන රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

 

The post මුදල් අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීම අගමැති ප්‍රධානත්වයෙන් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG