Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

විදේශ ඇමති පාකිස්තාන මහ කොමසාරිස් හමු වෙයි  

Add comments

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාකිස්තාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජෙනරාල් මොහොමඩ් ඉසාඩ් කට්ටාක් මහතා හමු වුණා. ඒ විදේශ අමාත්‍යාංශයේදීයි.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඇති කර ගත් ද්විපාර්ශ්වික සබදතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබද මෙහිදී සාකච්ඡා කෙරුණා. පාකිස්තානයෙන් ප්‍රදානයක් ලෙස ලැබුණු ජංගම පුස්තකාල ස්ථාපිත කිරීම, ශ්‍රී ලාංකික සිසු සිසුවියන් සදහා අතිරේක වෛද්‍ය ශිෂ්‍යත්ව සියයක් ලබාදීම ඇතුළු කරුණු රැසක් මෙහිදී සාකච්ඡා කෙරුණා. පාකිස්තානයේ බෞද්ධ සිද්ධස්ථාන ශ්‍රී ලාංකිකයන් සදහා විවෘත කිරිම පිළිබද ප්‍රශංසනාත්මකව අදහස් දැක් වූ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාකිස්තාන ශ්‍රී ලංකා ගුවන් ගමන් පැකේජ අලුතින් ආරම්භ කිරිම පිළිබදවද කරුණු සාකච්ඡා කළා. ලබන 29 වනදා කොළඹදී පැවැත්වෙන පාකිස්තාන ජාතික දින සැමරුමටද සහභාගී වන ලෙස මහ කොමසාරිස්වරයා අමාත්‍යවරයාට ඇරයුම් කළා.

 

 

 

 

 

 

 

 

The post විදේශ ඇමති පාකිස්තාන මහ කොමසාරිස් හමු වෙයි appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG