Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

මුම්බායි අගනුවර කොරෝනා පරීක්ෂණ අනිවාර්ය කෙරේ  

Add comments

මුම්බායි අගනුවර කොරෝනා පරීක්ෂණ අනිවාර්ය කර තිබෙනවා.

ඉන්දියාවේ නවතම කොරෝනා වයිරස් කෙන්ද්‍රය වන මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි අගනුවර කොරෝනා පරීක්ෂණ මෙලෙස අනිවාර්ය කර තිබෙනවා. ජනතාව වැඩි  වශයෙන් ගැවසෙන සාප්පු සංකීරණ සහ දුම්රිය ස්ථානවල අහඹු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වැඩි ප්‍රමාණයක් සිදු කිරීමටයි. කටයුතු කෙරෙන්නේ. එමෙන්ම මෙම පරික්ෂණ ප්‍රතික්ෂේප කරන්නන්ට නීතිමය  පියවර ගැනීමට ප්‍රාන්ත රජය තීරණය කර ඇති බවයි  විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.ඊයේ දිනයේදී පමණක් ඉන්දියාවෙන් නව ආසාදිතයන් 41,000 කට ආසන්න පිරිසක් හඳුනාගැනුණා. ඉන් වැඩි පිරිසක් වාර්තා වූයේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන්.  මේ වන විට එරට සමස්ත කොරෝනා ආසාදියන් සංඛ්‍යාව එක්කෝටි පහලොස් ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.

 

 

 

The post මුම්බායි අගනුවර කොරෝනා පරීක්ෂණ අනිවාර්ය කෙරේ appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG