ප්‍රාථමික සත්කාර සේවා ප්‍රතිසංවිධාන කිරීමේ පුහුණු වැඩසටහනක් ගාල්ලේදී පැවැත්වුණා.
ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේදීයි මෙම වැඩසටහන පැවැත්වුණේ. ඒ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර බල ගැන්වීමේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්. වඩාත් ඵලදායී සෞඛ්‍ය සේවාවක් ජනතාවට ලබා දීමේ අරමුණින් මෙය සංවිධාන කර තිබුණා. දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
The post ප්‍රාථමික සත්කාර සේවා ප්‍රතිසංවිධාන කිරීමේ පුහුණු වැඩසටහනක් appeared first on ITN News.
Post a Comment