Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී සහ අග්‍රාමාත්‍යතුමා අතර හමුවක්  

Add comments

ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා මහතා අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවිය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සර සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා මහතා සිය නිල සංචාරය අතරතුර මෙලෙස අග්‍රාමාත්‍යතුමා බැහැ දුටුවේය.

එහිදී ආරක්ෂක අංශයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහයෝගය පළ කරන බව එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ්කුමාර් සිං බාදවූරියා මහතා පැවසීය.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝකාලීන ආරක්ෂක සහයෝගීතාවයක් ඇති අතර එය ත්‍රස්තවාදයට එරෙහි වීම, සමුද්‍රීය ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිවීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී තිබේ.

ඉන්දියානු ගුවන් හමුදාව විවිධ පාඨමාලා ඔස්සේ මෙරට ගුවන් හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට නිරන්තර සහයක් ලබා දෙයි.

ආරක්ෂක අංශයෙන් දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කළ හැකි බව පෙන්වා දුන් එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා මහතා ඉන්දියානු ගුවන් හමුදාව ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානම් බව කියා සිටියේය.

The post ඉන්දියානු ගුවන් හමුදා ප්‍රධානී සහ අග්‍රාමාත්‍යතුමා අතර හමුවක් appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG