අමෙරිකාවේ කොංග්‍රස් ගොඩනැගිල්ලට අන්තවාදී ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් තොරතුරු හෙළිවීමත් සමඟ එහි ආරක්ෂාව තර කිරීමට කටයුතු යොදා තිබෙනවා.
අමෙරිකා බුද්ධි අංශ නිවේදනයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කළා. කුමන ප්‍රහාරයක් එල්ල වුවද තමා එම ප්‍රහාරයට මුහුණ දීමට සූදානම් බව අමෙරිකා ආරක්ෂක අංශ පවසනවා. තත්ත්වය සැළකිල්ලට ගනිමින් අද පැවැත්වීමට නියමිත සභා වාරය ද නවතා දැමීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. පසුගිය ජනවාරි මස අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ හිතවාදීන් කැපිටල් ගොඩනැගිල්ලට කඩා වැදී දැඩි නොසන්සුන්තාවක් ඇති කළා. එම සිද්ධියෙන් පොලිස් නිලධාරියෙකු ඇතුලු පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
The post ඇමරිකාවේ කොංග්‍රස් ගොඩනැගිල්ලේ ආරක්ෂාව තර කෙරේ appeared first on ITN News.
Post a Comment