Daily NEWS Srilanka

Srilankans' Daily News Provider

Popular News

Archives

කුරුවිට තරුණිය ඝාතන සිද්ධියේ ලිංගික අපරාධයක් සිදුව නැහැ (VIDEO)  

Add comments

වේල්ලවීදිය ප්‍රදේශයේ බෑගයක දමා තිබියදී හිස කදින් වෙන් කර තිබූ සිරුර සොයා ගනු ලැබුවේ පෙරේදා දිනයේයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අඛණ්ඩව පරීක්ෂණ ක්‍රියාත්මක කළා. ඒ අනුව ලබාගත් සීසීටීවි දර්ශන ඔස්සේ තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට පොලිසියට හැකිවුණා. ඝාතනයට ලක්වූ දිලිනි යශෝදරයා ජයසුන්දර නැමති තරුණිය පසුගිය සෙනසුරාදා නිවසින් පැමිණ ඇත්තේ සිරිපා වන්දනාවේ යන බව පවසමින්. බුත්තල පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂක ඒ එම් ප්‍රේමසිරි නැමැත්තා මෙම තරුණිය සමග හංවැල්ල ලැගුම්හලකට යන දර්ශන පොලිසිය ඊයේ සොයා ගත්තා.

පසුව එම තරුණිය නොමැතිව ඉන් පිටව යන මෙම පුද්ගලයා හංවැල්ල බස් රථයක නැග සිරුර වේල්ලවීදිය ප්‍ර දේශයට රැගෙන ආවේ මෙලෙසින්. කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක තරුණිය මෙම උප පොලිස් පරීක්ෂකවරයා සමග අනියම් සබදතාවක් පවත්වා ඇති බවට පරීක්ෂණවලදී හෙළි වුණා.

ඇය කුඩා කාලයේදීම පියා මිය ගොස් ඇති අතර මව සහ  සහෝදරයා සමග ජීවත්ව තිබෙනවා. ඇයගේ සහෝදරයා කුරුවිට ප්‍රා දේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකු වන ප්‍රභාත් ජයසූරියයි. කොළඹ අධිකරණ වෛද්‍ය සහ විෂ වේද ආයතනයට පැමිණ ඔහු සිය සොහොයුරියගේ සිරුර අද හදුනාගත්තා. සහෝදරයාගේ සහ මවගේ ඩී එන් ඒ සාම්පල ලබාගනිමින් පරීක්ෂා කළ යුතු බවටයි කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ප්‍රකාශ කළේ. තරුණියගේ සිරුර පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. තරුණියගේ සහෝදරයා ඇතුලු පවුලේ සාමාජිකයින් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට වේල්ලවීදිය පොලිසිය ක්‍රියා කළා.

රත්නපුර ජාතික යොවුන් පෙරමුණු බල මණ්ඩලයේ සහ තරුණ සේවා සභාවේ ක්‍රියාකාරී සාමාජිකාවක ලෙසද ඇය කටයුතු කර තිබෙනවා. සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයා සිය දිවි හානි කරගෙන තිබූ අතර සිරුර බඩල්කුඹුර ප්‍ර දේශයේ ඔහුගේ   නිවස ආසන්නයේ තිබියදී අද උදෑසන සොයා ගැණුනා. 52 හැවිරිදි වියේ පසුවූ මෙම පුද්ගලයා තුන් දරු පියෙක්.

සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා  ඇමති ආරක්ෂක සේවයට අනුයුක්තව වසර 15 ක කාලයක් සේවය කර තිබෙනවා. සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතනාගේ ඇතුලු මන්ත්‍රීවරුන් රැසකගේ ආරක්ෂක නිලධාරියෙකු ලෙස ඔහු කටයුතු කර ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. පසුව බුත්තල පොලිසියට මොහු මාරු කර එවා ඇත්තේ මීට මාස කිහිපයකට පෙරයි. සිය දිවි හානි කරගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහය පිළිබද මහේස්ත්‍රාත් පරීක්ෂණය අද සිදු කෙරුණා. මෙම පුද්ගලයා අද උදෑසන සියදිවි හානිකරගෙන සිටින අවස්ථාවේ ප්‍රථමයෙන්ම දුටු පුද්ගලයා එම සිද්ධිය මෙලෙස විස්තර කළා

තරුණියගේ සිරුර හදුනාගැනීම සදහා සහෝදරයාගේ සහ මවගේ ඩී එන් ඒ සාම්පල ලබාගනිමින් පරීක්ෂා කළ යුතු බව කොළඹ මධ්‍යම කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍ර සේකර මහතා පොලිස් මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ මෙම ඝාතනය සම්බන්ධයෙන් ලිංගික අපරාධයක් සිදුව නැති බවයි.

 

The post කුරුවිට තරුණිය ඝාතන සිද්ධියේ ලිංගික අපරාධයක් සිදුව නැහැ (VIDEO) appeared first on ITN News.

0 comments

Post a Comment

Recent News

Gossip Lanka MAG